AnuradhaP's post
cancel
Showing results for 
Search instead for 
Did you mean: 
Level 10

සිංහල - How to -Local Guides Clean the World - Education for teenagers

LGCTW in Your Language - Sinhala.png

 

ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් - සිදුකරන්නේ කෙසේද? - යෞවනයන්ට අධ්‍යාපනයක්

හැඳින්වීම: වයස අවුරුදු 13 සිය 19 දක්වා වූ සිසුන්ට ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් හා ගූගල් මැප්ස් (Google Maps) බෙදාගැනීම පිළිබඳව කෙටි මාර්ගෝපදේශයක් ලිවීම සඳහා මගෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි. මේ පිළිබඳව ලිවීමට බොහෝ දේ ඇති බැවින් ඔබේ යෝජනාද බෙදාගැනීමට හැකි විවෘත අවකාශයක් ලෙස මේ පිළිබඳව සිතන්න.

 

යෞවනය යනු ජීවිතයේ වඩාත් උද්වෙගී සමයයන්ගෙන් එකකි. තාක්ෂණය ඔවුන්ට රහසක් නොවෙයි. අප බොහෝදෙනාට වඩා හොඳින් ස්මාට් දුරකථන භාවිත කරන ඔවුහු සමාජ මාධ්‍ය චැනලද ඉතා ස්වාභාවික ලෙස භාවිත කරති.

මේ නිසා ලෝකය පිරිසිදු කිරීම (ක්ලීන් ද වර්ල්ඩ්) පිළිබඳව පාසැලකදී කතා කිරීම ඉතා උද්වෙගී වන්නේ මේ නිසාය: ඔවුන්ට ක්ලීන් ද වර්ල්ඩ් අත්දැකීම සටහන් කිරීමට හා වාර්තාකිරීමට යොදාගතහැකි මෙවලම් සමහරක් ඔවුන්ට පෙන්වාදීමට අපට හැකිය.

ඉහළ ප්‍රතිඵල ලබාගැනීමේදී ක්ලීන් ද වර්ල්ඩ් අභියෝගයක් විය හැකිය.

 

DSC04785e.jpg

 

මෙවලම්:

Google වෙතින් අපට පුළුල් පරාසයක මෙවලම් ගණනාවක් නොමිලේ ලැබෙන අතර, එ්වා අපේ ක්ලීන් ද වර්ල්ඩ් ක්‍රියාකාරකම් සැලසුම්කිරීම හා ලේඛනගත කිරීම සඳහා යොදාගත හැකිය.

 

  • අපගේ ඡායාරූප හා වීඩියෝ ඉහළ ගුණාත්මක බවකින් යුතුව ගබඩා කිරීමට Google Photo යොදාගත හැකිය. Google Photo මගින් Blog රටාවේ සටහන් තැනිය හැකි අතර, අපේ තොරතුරු ඇල්බමයට එකතු කළ හැකිය.
  • Google Documents මගින් අපට පාඨ සංස්කරණය (Google Docs), දත්ත කළමනාකරණය (Google sheets) හා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම (Google slides) වැනි විවිධ කටයුතු සඳහා පහසුකම් සපයයි.
  • Google MyMaps යනු වීඩියෝ, ඡායාරූප, එ්වා සම්බන්ධ කර පුද්ගලික වූ සිතියමක් ගොඩනැගිය හැකි චමත්කාරජනකවූ මෙවලමකි. ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් ව්‍යාපෘතියේ MyMaps විශේෂඥයා වූ ඩේවිඩ් ටිටෝ එය භාවිතය පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා සම්බන්ධ කරගත හැකිය. ඔහුගේ ලෝක ව්‍යාප්ත “Mymaps of plastic pollution” මෙහි ඇත.
  • Google Earth යනු අපේ ලෝකය පිළිබඳව ඉගෙනීමට හා ගවේශනයට ඇති හොඳම මාර්ගයකි. Google MyMaps වෙතින් දත්ත ආනයනය කර ගතික ගවේශනයක් බිහිකිරීමටද හැකියාවක් ඇත.
  • Google Maps මෙන්ම අපේ සමාජය වන Local Guides Connect, ලෝකල් ගයිඩ්ස් ලෙස අපේ අත්දැකිම් බෙදාගැනීමට හැකි ස්ථාන වෙයි. 

 

ක්‍රියාකාරකම්:

මෙම මෙවලම් ගොනුව අත ඇතිව, අපට පංති කාමරයේ හා බාහිර පරිසරයේ (ක්ෂේත්‍රයේ) විවිධ ක්‍රියාකාරකම් ගණනාවක් සැලසුම් කළ හැකිය.

පංති කාමරයේ:

  • ප්ලාස්ටික් දූෂණය යනු කුමක්ද? ගූගල් සෙවුමක් මගින් අපට මේ පිළිබඳව අන්තර්ජාල මූලාශ්‍රය රැසක් සොයාගත හැකිය. මෙම සටහන මගින් අදාළ මාධ්‍ය පුවත් පිළිබඳව හා මෙම විෂය පිළිබඳව ලෝකල් ගයිඩස් විසින් ඉස්මතු කරන ලද ලිපි දද පෙන්වා දෙනු ලැබේ.
  • ලෝකල් ගයිඩ්ස් විසින් ලියනු ලද ප්‍රශස්ත ව්‍යවහාර මගින් සියලු රටවල් මගින් දූෂණය කළමනාකරණය කර ප්‍රතිචක්‍රිකරණය සිදුකරන ආකාරය පිළිබඳව නිදසුන් සමූහයක් මගින් පෙන්වා දෙයි.
  • අපට අධ්‍යයනයක් සිදු කර “මගේ ප්‍රදරශයේ බරපතළම කුමක්ද” යන්න හඳුනාගත හැකිය.
  • 3R හෙවත් (අඩුකිරීම-ප්‍රතිභාවිතය-ප්‍රතිචක්‍රිකරණය Re-duce - Re-cycle - Re-use) පිළිබඳව සෙවුමක් අපට සිදු කළ හැකිය.
  • ලෝකල් ගයිඩ්ස් ලෝකය පිරිසිදු කිරීමේ වැඩසටහනඇයි? මේ වන විටත් ප්ලාස්ටික් දූෂණය පිළිබඳව ප්‍රාදේශීයව හා ගෝලීයව කටයුතු කරන සංවිධාන ගණනාවක් සිටියදී අප එ් ගැන මැදිහත් වන්නේ ඇයි?

එ් අප ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාකාරී වන බැවින් හා අප භූමිය හඳුනන්නවුන් වන බැවිනි. අප ගෝලීයව කටයුතු කරන බැවින් අත්දැකීම් බෙදාගනිමින් හා එකිනෙකාට සහයෝගය දිය හැකි බැවිනි. අප එක් හා පැහැදිලි අනන්‍යතාවයක් සහිත හඳුනාගැනීමක් සඳහා වූ ලාංඡනයක් නිර්මාණය කළෙමු. ලෝකල් ගයිඩ්ස් වෙතින් ලෝකල් ගයිඩ්ස් සඳහාම ධජයක් නිර්මාණය කළෙමු. ඔබට මෙතැනින් ලාංඡනය බාගත කළ හැකිය.

 

සෙවුමක් සැලසුම් කිරීම: ප්‍රදේශයේ විශේෂතාවය සාකච්ඡා කිරීමෙන් පසුව අපට ක්ෂේත්‍රයේ සිදු කළ යුතු දේ අපට සැලසුම් කළ හැකිය.

වාර්තාකරණය: ක්ෂේත්‍ර කටයුතුවලින් පසුව, අප කිසියම් ලේඛනගත කිරීමක් සකස් කළ යුතු වෙයි. අදාළ ක්‍රියාකාරකම් අනුව එය:

  • අපට හමු වූ දේ (කුමක්, කොපමණ, කොතැනක) පිළිබඳව පැතුරුම්පත (spreadsheet) නිර්මාණය කිරීම
  • අත්දැකීම පිළිබඳව වන ඡායාරෑප ඇල්බමයක් තැනීම
  • අත්දැකීම පිළිබඳව සටහනක් ලිවීම
  • #LocalGuidesCleanTheWorld හැෂ් ටැගය සමඟ Local Guides Connect හා සමාජ චැනලවල අපේ අත්දැකීම බෙදාගැනීම

 

tshirt_valnerina_LGCTW.jpg #CleanValnerina සඳහා LGCTW ටී-ෂර්ට් එකක්

ක්ෂේත්‍රයේ:

  • දූෂණයට ලක් වූ ප්‍රදේශයක් හඳුනාගෙන ලේඛනගත කරන්න. ඡායාරූපයක් ගෙන අනාගත ක්‍රියාකාරකමක් සඳහා Mymaps මතට එකතු කරන්න.
  • පිරිසිදු කරන්න හා වාර්තා කරන්න. පිරිසිදුකිරීමේ කටයුත්ත අතරදී සිසුන්ට ඔවුන් එකතු කරන දේ පිළිබඳව සටහන් තැබිය හැකි අතර අදාළ පැතුරුම්පත (spreadsheet) පිරවිය හැකිය. මෑතකදී පැවැති රැස්වීමකදී භාවිත කළ පැතුරුම්පතක් (spreadsheet) @DavidTito හට බෙදාගත හැකිය.

ඇත්තෙන්ම මෙය කෙටි මාර්ගෝපදේශයක් පමණකි

 

මෙම සටහනට පිළිතුරක් ලෙස ඔබේ අත්දැකීම් හා ඔබේ අදහස් එක් කරන්න

 

සටහන: @manulele81 ඔබට ස්තුතියි (සුන්දර ටී ෂර්ට් එකක් සැකසීම සඳහා)

 

[සංස්කරණය: මම ප්ලාස්ටික් බෝතලයක ජීවිතය පිළිබඳව වන වීඩියෝවක් මම මීට එකතු කරමි.]

 

Sri Lanka
4 comments
Level 10

Re: සිංහල - How to -Local Guides Clean the World - Education for teenagers

@ermest and @DavidTito Merry Chrismas!!! This is another Chrismas present for two of you. I only have one post to translate. Give me a few days. 🙂

Level 9

Rif.: සිංහල - How to -Local Guides Clean the World - Education for teenagers

Sorry @AnuradhaP I can't read.


_________________________
Local Guides from "day one" (or almost).
See my post about Connect Live 2019
See My Next Meetup - Follow me on Google Maps
Level 10

Rif.: සිංහල - How to -Local Guides Clean the World - Education for teenagers

@manulele81 This is the Sinhala translation of "How to -Local Guides Clean the World - Education for teenagers". Please select the "English" from the language dropdown list. 

Connect Moderator

Re: සිංහල - How to -Local Guides Clean the World - Education for teenagers