AnuradhaP's post
cancel
Showing results for 
Search instead for 
Did you mean: 
Level 10

සිංහල - LocalGuidesCleanTheWorld - Step 1 - Education

LGCTW in Your Language - Sinhala.png

 

 

හිතාදර ලෝකල් ගයිඩ්ස්

 

ඔබ බොහෝ දෙනා මේ වන විටද දන්නා පරිදි (ලෝකල් ගයිඩ් කන්ටෙස්ට් (Local Guide Contest): නව ව්‍යාපෘතියේ ලාංඡනය බලන්න) අප සැමට අභියෝගයක් විය හැකි ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතියක මම කටයුතු කරමින් සිටිමි.

මෙම ව්‍යාපෘතිය ප්ලාස්ටික් දූෂණය පිළිබඳවය. අප මෙම ව්‍යාපෘතියේ ලාංඡනය නිර්මාණය සඳහා කටයුතු කරන අතර, අපට දැන් එහි පළමු “සැබෑ” පියවර ආරම්භ කළ හැකිය.

ආරම්භ කිරීමට පෙර කළ යුතු සිතිවිල්ල වන්නේ අපේ දෙෙනික කටයුතු සඳහා මගපෙන්වීම වන “Connectහි හර වටිනාකම් 5”යි

ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් - පළමු පියවර - අධ්‍යාපනය ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් හි එක් කොටසකි - එය ලෝකල් ගයිඩ්ස් ව්‍යාපෘතියකි. මුළු ව්‍යාපෘතිය සඳහා මෙම දිගුව භාවිත කරන්න.

 

Tree of Life - Universal Expo 2015 - Milan - A message of hopeTree of Life - Universal Expo 2015 - Milan - A message of hope ජීවයේ ගස - Universal Expo 2015 - මිලාන් - අපේක්ෂාවේ පණිවුඩය

1 පියවර) අධ්‍යාපනය

අධ්‍යාපනය කුමක් සඳහාද?

 

පරිසරයට බැහැරකරන ලද බර අඩු ප්ලාස්ටික් නිෂ්පාදන සුළඟ හා වර්ෂාව මගින් ගංගාවලට එකතු වෙයි. එ්වායේ ගමන් මග අවසන් වන්නේ සාගරයෙනි.

මෙම ගැටලුව පිළිබඳව බොහෝ දෙනා දැනුවත් නැත. ප්ලාස්ටික් පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට බොහෝ රටවල් තවමත් හොඳින් සංවිධානය වී නොමැත.

මෙහිදී ගත යුතු පළමු පියවර වන්නේ දැනුවත් කිරීමය.  අප එය සිදු කළ යුත්තේ හෙට දිනයේ පුරවැසියන් වන අපේ දරුවන් සමඟය.

 

Photo 1) Sri Lanka - 'Cleanup Batticaloa Kallady Beach'' - photo courtesy @IlankovanTPhoto 1) Sri Lanka - 'Cleanup Batticaloa Kallady Beach'' - photo courtesy @IlankovanT ඡායාරූපය 1) ශ්‍රී ලංකාව - මඩකලපුවේ කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීම - ඡායාරූපය @IlankovanT

ලෝකල් ගයිඩ්ස් කුමක් නිසාද?

ලෝකල් ගයිඩ්ස් යනු සිසුන් සමඟ රැස්වීම් සංවිධානය කිරීම සඳහා, ප්ලාස්ටික් පරිසර දූෂණයේ භායනක බව පැහැදිලි කිරීම සඳහා හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය හා එකතු කිරීම කෙතරම් පහසුද යන්න පැහැදි කිරීම සඳහා යෝග්‍ය වූ හොඳ අධ්‍යාපන/ තොරතුරු මාධ්‍යයකි. ලෝකල් ගයිඩ්ස් යනු සිසුන් හා ගුරුවරුන්ය. ළමුන් හා දෙමාපියන්ය (ඇතැම් ආච්චිලා හා සීයලාද වෙති.)

 

අපට කළ හැක්කේ කුමක්ද?

ඔව්, අපට බොහෝ දේ කළ හැකිය. අධ්‍යාපනය යනු වෙනස් කොටස්වලට බෙදා ගත හැකි තරම් විශාල විෂයයකි.

මම මගේ අදහස ඔබට පැහැදිලි කරන්නෙමි, ඔබගේ පසු පෙවුම මම අපේක්ෂා කරමි.

මගේ දැක්ම අනුව ලෝකල් ගයිඩ්ස්හට අධ්‍යාපනයේදී මහත් වූ කාර්යයක් සිදු කළ හැකිය.

  • අප විශ්ව විද්‍යාලයක සිටිය නම් අපට ප්ලාස්ටික් දූෂණය ගැන පර්යේෂණ කළ හැකි අතර එය බෙදාගත හැකිය.
  • අපට අධ්‍යාපනික ද්‍රව්‍ය සකස් කර පාසැලේදී භාවිත කළ හැකිය

වයස අනුව වෙනස් වන විවිධ ද්‍රව්‍ය භාවිත කළ හැකිය.

--------------------------------------------------------------------------------

  • අපට ක්‍රියාකාරකම් පැසැලත් සමඟ හා පාසැල තුළ සිදු කළ හැකිය

වයස මත පදනම්ව, විවිධ ක්‍රියාකාරකම් සිදු කළ හැකිය

 

අප මෙය සිදුකරන්නේ කෙසේද?

මෙය විවෘත කරුණක් වන අතර, මෙම සටහන සඳහා වූ හේතුවද වෙයි.

මෙම විෂය පිළිබඳව මේවන විටද ලෝකයේ විවිධ ප්‍රදේශවල ජනතාව වෙතින් යම් යම් පසුපෙවුම් මා වෙත ලැබී ඇත.

මෙම සටහනෙහි ඇති අභියෝගය වන්නේ: එකට කටයුතු කිරීම, අත්දැකීම් හා අදහස් බෙදාගැනීම හා එසේම එක් හෝ වැඩකණ්ඩායම් පිහිටුවා ගැනීම මගින් පහත දේ නිපදවිය හැකිය.

  • අනාගතයේ පාසැලේ හා රැස්වීම්වල කටයුතුවල යොදා ගැනීම සඳහා වූ අධ්‍යාපනික ද්‍රව්‍ය

සියලුම ආකාරයේ ද්‍රව්‍ය ආකර්ෂණීය එ්වා වනු ඇති නමුත්, එහෙත් පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් ද්‍රව්‍ය පිළිබඳව මගේ විශේෂ ඉල්ලීමක් ඇත්තේ මෙවැනි වැඩ පිළිවෙලක් ආරම්භ විය යුත්තේ මූලික මට්ටමෙන් වන නිසාය.

  • පාසැල් තුළ, පාසැල් සමඟ, සිසුන් සමඟ හා දෙමාපියන් සමඟ කළ හැකි සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳ අදහස්

නැවතත්, සියලුම ආකාරයේ ක්‍රියාකාරකම් ආකර්ෂණීය එ්වා වනු ඇති නමුත්, පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් ද්‍රව්‍ය සඳහා මගේ විශේෂ ඉල්ලීමක් ඇත.

 

මෙම අභියෝගය අවසන් වන්නේ කවදාද?

මෙම කොටසට “අවසන් වන දිනයක්” නොමැති අතර, එහෙත් ඇතැම් පියවරවලට ළඟා වීම සඳහා අපි ඉලක්කයක් ලබාදිය යුතුය. එ් ඇතැම් ද්‍රව්‍ය “පාසැලේ මීළඟ කටයුත්ත සඳහා යෙදාගැනීම” සඳහා සකස් කරනුයේ නම්ය.

 

Photo 2) Indonesia - Saber Pungli : Just Plunge, Whatever It Takes -  Batu Local Guides Meetup - Photo courtesy of @br14nPhoto 2) Indonesia - Saber Pungli : Just Plunge, Whatever It Takes - Batu Local Guides Meetup - Photo courtesy of @br14n ඡායාරූපය 2) ඉන්දුනීසියාව - සේබර් පුන්ග්ලි- හුදු වැටීමක් - බටු ලෝකල් ගයිඩ්ස් රැස්වීම - ඡායාරූපය @br14n

 

අප මෙහි සිටිමු, වඩා යහපත් ලෝකයක් චිත්‍රණය කිරීමට ඔබත් සූදානම්ක?

 

Painting a green world - Dolomites - 2017Painting a green world - Dolomites - 2017 හරිත ලෝකයක් චිත්‍රණය කිරීම - ඩොලමයිට් - 2017

 

සාමාන්‍යයෙන් මම ටැග් කිරීම නොකරන නමුත්, දැන් මට එ් සඳහා සැබෑ හේතුවක් ඇත.

@br14n ට හා @IlankovanTට (සහ තවත් බොහේ අයට) ඔවුන්ගේ ඡායාරූපවලට ස්තුති කළ යුතු

මම තවත් ලෝකල් ගයිඩ්ලාහට මෙම සංවාදයට එක්වීම සඳහා ආරාධනා කිරීමට කැමැත්තෙමි.

@Julien44, “ලාංඡනය දරුවන්ට කතාකළ යුතුයි” යන්නට ස්තුතිය

@MelizzaNeon, “දේශගුණ විපර්යාස හා සම්බන්ධ කරුණුවලට දරුවන් සම්බන්ධවීමට මගේ කටයුතුවලින් කොටසක් උදව් වෙයි” යන්නට ස්තුතියි

@MelizzaNeon , “මගේ පාසැල් දරුවන්ට කතා කිරීම” ගැන ස්තුතිය

@KarenVChin@NunungAfuah@AlejandraMaria   - ඔබට අධ්‍යාපනය සම්බන්ධව කතා කිරීමට අවශ්‍ය බව දනිමි, මට ඔබගේ පළපුරුද්ද අවශ්‍යය.

මට තවත් අය ටැග් කිරීමට අවශ්‍යය, එහෙත් ඔවුන් මෙහි පැමිණෙනු ඇති බව මම අපේක්ෂා කරමි (පිළිගනිමු)

ගූගල් ලෝකල් ගයිඩ්ස් කණ්ඩායමට ස්තුතියි. ඔබ මෙම සටහන සතුටින් පිළිගන්නා බව සිතමි. ඔබේ අත්දැකිම් අප සමඟ බෙදාගන්න. මට තවත් ඇත්තේ එක් ටැග් කිරීමක් පමණක් බැවින් මම  @TraciC ටැග් කරමි.

ඔබ සැමට ස්තුතියි.

එර්මස්

Sri Lanka
3 comments
Level 10

Re: සිංහල - LocalGuidesCleanTheWorld - Step 1 - Education

@ermest and @DavidTito Merry Chrismas!!! This is another Chrismas present for two of you.

Connect Moderator

Re: සිංහල - LocalGuidesCleanTheWorld - Step 1 - Education

Merry Christmas to you too, @AnuradhaP

And to all the local guides around the world. This is for sure the best present of the year.

Listed

Connect Moderator

Re: සිංහල - LocalGuidesCleanTheWorld - Step 1 - Education

Thanks so much for doing this translation for the Local Guides Clean The World project. I know your great work will inspire many in your country to participate with us!

 

Happy New Year to you, your family, and your community! Hope to see you again in 2019!

 

Cheers,

Karen