12-25-2018 07:58 AM - edited 12-25-2018 08:49 AM
උණුසුම් පුවත්: ලෝකල් ගයිඩ්ස් ලෝකය පිරිසිදු කරති - ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් (Local Guides Clean The World) - ඔබේ භාෂාවෙන්
ඔබගේ බසින් මෙම සටහන පරිවර්තනය කිරීමෙන් ඔබ අපට සහාය වීමට අවශ්‍යද? මෙතැන ඔබන්න.
හැඳින්වීම
ප්ලාස්ටික් නිෂ්පාදන අපගේ ජීවිතය සාධනීය ආකාරයේ වෙනසකට ලක් කර තිබේ.
පහසුවෙන් හා අඩු වියදමින් නිෂ්පාදනය කළ හැකි ප්ලාස්ටික්, අප අද අපගේ එදිනෙදා ජීවිතයේ යොදාගන්නා බොහෝ නිෂ්පාදන සඳහා යොදා ගැනෙයි. ෂොපින් මළුවල සිට කාර් රථ හා පරිගණක දක්වා මෙන්ම මාකර් පෑන්වල සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වා උපකරණ ද මීට අයත් වේ.
විවිධ වර්ණ සහිත, බරින් අඩු ප්ලාස්ටික් නිෂ්පාදන අපගේ ජීවිත සතුටින් පුරවාලයි.
ලිපිද්‍රව්‍ය අලෙවිසැල - වර්ණවත් පෑන්
පහසුවෙන් නිපදවිය හැකි ප්ලාස්ටික් නිෂ්පාදන වැදගත් අංශ ගණනාවක භාවිත වේ. ඊට රථවාහන නිෂ්පාදනය, පරිගණක, කෘෂිකර්මය, වෙෙද්‍ය හා තවත් බොහෝ අංශ අයත්ය.
ප්ලාස්ටික්වලින් තැනූ වරක් භාවිත කර ඉවත ලනු ලබන සිරිංජ හා ශල්‍ය උපකරණ අපේ ජීවිත දිනපතා ආරක්ෂා කරයි.
එහෙත් ප්ලාස්ටික් නිෂ්පාදන අපේ ජීවිත නිෂේධනීය ආකාරයකින්ද වෙනස් කර ඇත.
පහසුවෙන් හා අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි වන නිසාම එ්වා නිතරම භාවිතයෙන් පසුව ඉවත දමනු ලැබේ.
ප්ලාස්ටික් පිගන්, වීදුරු, බෝතල්, හා ප්ලාස්ටික් බෑග් ආදිය නිරතුරුවම අත් හැර ඉවත දමනු ද්‍රව්‍ය අතර ඇති. එ්වාට ඇත්තේ අඩු මිලක් වන බැවින් එ්වා එකතු කර භාවිතයකට ගැනීමද ප්‍රයෝජනයක් නැත.
පරිසරයට මෙසේ ඉවත දමනු ලැබීමෙන් පසුව මෙම සැහැල්ලු ප්ලාස්ටික් නිෂ්පාදන සුළඟ මගින් හා වැස්සෙන් ගසාගෙන ගොස් ගංගාවලට එක් වී අවසානයේදී සාගරයට එක්වෙයි.
සුළඟ, වැස්ස හා රළවල ක්‍රියාකාරිත්වය නිසා මෙම ප්ලාස්ටික් කුඩාකැබලිවලට බිඳී යන අතර එ්වා ජලය මත පාවේ.
මෙම වර්ණවත් ප්ලාස්ටික් කැබලි පක්ෂීන් හා මසුන් විසින් ආහාරයට ගනු ලබන අතර එ්වා ජීරණයට ලක් නොවන නිසා ඔවුන්ගේ ආහාර මාර්ගයේ එකතු වේ. ප්ලාස්ටික් බෑග තුළට ඇතුළුවන මසුන්ට එ්වායින් පිටතට පැමිණිය නොහැකිය.
සාගර සුළි (gyres) මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වීමක් ඇති කර තිබෙන අතර එය “මහා පැසිෆික් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුව” (Great Pacific garbage patch) ලෙස හැඳින්වේ.
ප්ලාස්ටික් දූෂණය අපේ ලෝකය හමුවේ ඇති මහත්ම අනතුරු අතරින් එකක් බවට පත්ව ඇත.
ප්ලාස්ටික් දූෂණයට එරෙහිව කටයුතු කිරීම ලෝකල් ගයිඩ්ස්ලාගේ ප්‍රධාන අරමුණක් විය හැකිය.
එ් කෙසේදැයි දැනගැනීමට කැමැතිද? එසෙනම් තවදුරටත් කියවන්න.
ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් - ව්‍යාපෘතියකට දළ සැලැස්ම
ලෝකල් ගයිඩ්ස් සඳහා ඉලක්ක පහක් (සහ තවත් එකක්) - හා “එක් වසරක” ව්‍යාපෘතියක්
0 පියවර - නව ව්‍යාපෘතිය සඳහා ලාංඡනයක්
මෙය ලෝකල් ගයිඩ්ස් වර්ල්ඩ් සඳහා විශේෂ ව්‍යාපෘතියක් වන අතර, අප විවිධ ක්‍රියාකාරකම් ගණනාවක් සිදුකරන්නට අපේක්ෂා කරන අතර, එ් එකම ධජයක් යටතේය: #LocalGuidesCleanTheWorld
පරිසරය හා දූෂණය පිළිබඳව වැඩි වශයෙන් ප්ලාස්ටික් දූෂණය පිළිබඳව වන ක්‍රියාකාරකම් පහසුවෙන් හඳුනාගැනීම සඳහා මෙම වර්ෂය යෙදවීම මට වැදගත්ය.
මම අදහස සිතෙහි ඇතිව මම මම නව ලාංඡනයක් සකස් කිරීම සඳහා වූ තරඟයක් ආරම්භ කළෙමි. ලෝකල් ගයිඩ්ස් කන්ටෙස්ට් - නව ව්‍යාපෘතියක් සඳහා ලාංඡනයක්. නව ලාංඡනයට ඡන්දයක් පවත්වා ඇති අතර දැන් එය අප සතුව ඇත.
එම ලාංඡනය රැස්වීම්, ජියෝ වෝක්, ලිපිලේඛන, ටී-ෂර්ට් ආදි මෙම ව්‍යාපෘතියෙහි විවිධ වූ කටයුතු සඳහා යොදාගත හැකි ලාංඡනයකි. ඔබට එය මෙතැනින් බාගත කරගත හැකිය.
1 පියවර - අධ්‍යාපනය
(වැඩිදුර කියවීම සඳහා මෙතැන ඔබන්න)
බොහෝ දෙනා ගැටලුව ගැන දැනුවත් නැත. ලෝකල් ගයිඩ්ලාට සිසුන් සමඟ රැස්වීම් සංවිධානය කිරීමට, ප්ලාස්ටික් පරිසර දූෂණයේ ඇති අනතුර පැහැදිලි කිරීමට හා ප්ලාස්ටික් එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීම සිදුකිරීම කෙතරම් පහසුදැයි පෙන්වාදීමට සහ සාර්ථක අධ්‍යාපන/ තොරතුරු මාධ්‍යයක් විය හැකිය. ලෝකල් ගයිඩ්ස් යනු සිසුන් හා ගුරුවරුන්ය, ළමුන් හා දෙමාපියන්ය (ඇතැමුන් ආච්චිලා හා සීයලාද වෙති.)
ඔවුන්ට 2 හා 3 පියවරවලට ආරාධනා කළ හැකිය.
අධ්‍යාපනික/ තොරතුරු මෙවලම් ද්‍රව්‍ය පිළියෙල කිරීම සඳහා ලෝකල් ගයිඩ්ලා එක්ව කටයුතු කරනු දැකීම සිත්අැදගන්නා කරුණකි.
2 පියවර - ලේඛනගත කිරීම
ඡායාරූප චාරිකා හෙවත් පොටෝවෝක් රැස්වීම් මෙන්ම තනිව සිදුකරන පොටෝවෝක්ද පිළිගනිමු. මෙහි අරමුණ වන්නේ මාර්ග, ගංගා, උද්‍යාන, වෙරළ, කඳුකරය (කඳු නගින්නන් විසින් අත්හැර දමා ගොස් ඇති දෑ) වැනි දූෂණයට ලක්ව ඇති ප්‍රදේශ ලේඛනගත කිරීමය. එය 3 වන පියවර සඳහා ඉලක්කය විය හැකිය. මෙම ඡායාරූප ඇල්බම ලෝක ව්‍යාප්ත “ප්ලාස්ටික් දූෂණය පිළිබඳ Mymaps” හා සම්බන්ධ වේ.
මෙම ඡායාරූප සමාජ චැනලවල බෙදාගැනෙනු කෙරෙනු ඇත. එ් #LocalGuidesCleanTheWorld හැෂ් ටැගය සමගිනි.
3 පියවර - ක්‍රියාකාරකම්
සියලු සාරාංශ ලෝක ව්‍යාප්ත “ප්ලාස්ටික් දූෂණය පිළිබඳ Mymaps” හා සම්බන්ධ කරනු ඇත.
4 පියවර - ප්රකාශනය
2වන පියවරේදී හඳුනාගත් ප්‍රදේශ හා පිරිසිදු කිරීමේ පියවර උලුප්පා දක්වමින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ Mymaps සිතියමක් ගොඩනගන්න.
සෑම ස්ථානයක් සඳහාම අප දැක්විය යුත්තේ:
Mymaps සමාජ චැනලවල බෙදාගැනීම කළ යුතු අතර එ් #LocalGuidesCleanTheWorld හැෂ් ටැගය සහිතවය
5 පියවර - ප්රශස්ත ව්‍යවහාර
(සම්බන්ධිත පොට මෙහි ඇත්තේ) අදාළ මාධ්‍ය පුවත්ද සහිතවය.
ප්ලාස්ටික් දූෂණය හා සටන් කරන නගර/ රටවල් පිළිබඳව සාධනීය නිදසුන්
විවිධ නිෂ්පාදන හා ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිභාවිතය පිළිබඳ සාධනීය නිදසුන් බෙදාගැනීම මගින් වෙනත් අය එයම සිදුකිරීමට පෙළඹවිය හැකිය. මෙමගින් අපට මෙම ගැටලුවට විසදුම් ලබාදීමට පටන්ගෙන ඇති රටවලින්ද දායකත්වයක් ලබාගත හැකිය.
පියවර පහ - වසරක කටයුතු
අදාළ එක් එක් පියවර සඳහා අදාළ සටහන් සඳහා සබැඳි බලන්න
ලාංඡනය (බාගත කරන්න)
අධ්‍යාපනය
ලේඛනගත කිරීම (Mymaps සඳහා සබැඳිය)
ක්‍රියාකාරකම් (රැස්වීම් සඳහා සටහන ළඟදීම)
ප්‍රකාශන (Mymaps සඳහා සබැඳිය)
ප්රශස්ත ව්‍යවහාර හා අදාළ මාධ්‍ය පුවත්
අධ්‍යාපනික මෙවලම්: යෞවනයන් සදහා අධ්‍යාපනය කෙසේද?
වාර්තාකරණය සඳහා මෙවලම්: @DavidTito විසින් සකස් කළ වාර්තාකරණ spreadsheet
ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් ඔබේ බසින්
#LocalGuidesCleanTheWorld හා #LocalGuides හැෂ් ටැග් සමඟ මෙම සටහන සමාජය හා බෙදාගන්න
මෙය කියැවීම ගැන ස්තුතියි - ලෝකල් ගයිඩ්ස් හා සතුටු වන්න
එර්මස්
12-25-2018 07:59 AM
@ErmesT and @DavidTito Merry Chrismas!!! This is my Chrismas present for two of you.
12-25-2018 09:35 AM
Thank you @AnuradhaP
This is really a super Christmas present, for all the community.
All your posts have been added on the list
Explore Accessible Life in Google Earth - The program is now Public for Everyone to contribute
Read before posting: Need Help? - Help Us to Help You | A Reflection on "Original Content" - What if this Photo ... is Yours?
Join Us: #LocalGuidesCleanTheWorld | Waste Report #onGoogleMaps
Love the Planet: A Rose for the Planet | Accessible Life at Connect Live 2019
Helping People: Maps of earthquake in Italy | Mapping in Emergency area
12-25-2018 12:07 PM
Brother @AnuradhaP thanks for sharing this important post.
12-25-2018 04:36 PM
Nandri so much @AnuradhaP Bhai.
That is the great initiative not only for local guides, but for the whole world. You did great job.
Salute for your great effort 🙏
Gems Of the World - A Connect Travel Post Challenge
12-27-2018 01:56 PM
@AnuradhaP Very well presented and marvelous overview in great detail its lovely to have you on board. I can see the program expanding nicely for 2019 thank you kindly DavidTito