අද ලෝකයේ ජීවත් වන බොහෝමයක් පිරිස තමන් යන ස්ථාන පිළිබඳ තොරතුරු දැනගැනීමට ගූගල් මැප් භාවිතා කරයි. ගූගල් මැප් තොරතුරු මේ වනවිටත් ඔබ භාවිතා කර තිබීමට පුළුවන් ය. ඔබ වෙත ලැබෙන මෙම තොරතුරු බොහෝමයක් ගූගල් මැප් සඳහා ලබාදී ඇත්තේ ඔබ වැනි ගූගල් මැප් භාවිතා කරන පිරිස් ය. මෙම ලිපිය මගින් සිංහල භාෂාවෙන් ඔබට ගූගල් මැප් සඳහා තොරතුරු ලබාදිය හැකි ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරනු ලබයි.
අප ජීවත්වන නගරය පිලිබඳව එම නගරයට පිටින් පැමිණෙන පුද්ගලයන්ට වඩා අප දැනුවත් ය. මෙම දැනුම ගූගල් මැප් හරහා පිටින් පැමිණෙන පුද්ගලයන් හා බෙදා ගැනීම මගින් එම පුද්ගලයන්ට ඔබගේ නගරයේ ස්ථාන සොයාගැනීමට හා තොරතුරු දැනගැනීමට අවස්ථා උදා කළ හැක. එමගින් ඔබ නගරයට පැමිණෙන සංචාරකයන්ට ඔවුනුත් එම නගරයේ ම ජීවත්වන පුද්ගලයෙකු ලෙස ඔබ නගරයේ ස්ථාන නැරඹීමට යා හැක.
ඔබ අවට ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සැපයිමෙන් ඡායාරූප ලබා දීමෙන් එම ස්ථාන පිළිබඳ සමාලෝචන ඉදිරිපත් කිරීමෙන් මිලියන ගණන් පුද්ගලයන්ට ඔබට උදව් කළ හැක.
ගූගල් මැප් සඳහා තොරතුරු ලබාදීමට ඔබට අවශ්‍ය නම් ඔබ ගූගල් ලොකල් ගයිඩ්ස්(Google Local Guides) වැඩසටහනට සම්බන්ධ විය යුතුය.
මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ ජීමේල්(Gmail) ගිණුමක් පමණි, ඒ සඳහා ඔබගෙන් කිසිම මුදලක් වැය නොවේ. මේ සඳහා භාවිතා කරන ඊමෙල් ගිණුම ජීමේල් මගින්ම ලබාදුන් අවසානයේ gmail.com ලෙස සටහන්ව ඇති ඊමේල් ලිපිනයක් වීම ඉතා වැදගත් වේ. ඔබ ගූගල් සමාගම මගින් ව්‍යාපාර සඳහා ලබාදෙන ජිසූට්(GSuite) ගිණුමක් භාවිතා කරන්නේ නම් වෙනත් ජීමේල් ගිණුමක් ආරම්භ කර මෙම වැඩසටහන සඳහා එක්වන්න. මෙම වැඩසටහනට එකතුවීම සඳහා ඔබ ඔබගේ ජිසූට් ගිණුමක් භාවිතා කලේ නම් ඉදිරියේදී සමහර අවස්ථාවල ප්‍රශ්න ඇතිවිය හැක. එයට හේතුව නම් ජිසූට් ගිණුම් ව්‍යාපාර සඳහා ලබාදෙන බැවින් එහි විවිධ සීමා කිරීම් තිබීමය.
ගූගල් මැප් සඳහා දායක විය හැක්කේ කෙසේද?
ඔබට ආකාර හයකින් ගූගල් මැප් සඳහා දායකවිය හැක. ඒ හරහා මිලියන ගණනක් පුද්ගලයන්ට උදව් කිරීමේ හැකියාව ඔබට ලැබේ.
ශ්‍රේණිගත කිරීම් හා සමාලෝචන මගින්
ඔබ ගමන් කරන සෑම ස්ථානයක් පිළිබඳවම සවිස්තරාත්මක සමාලෝචනයක් සපයන්න. එම ස්ථානයේ පිහිටීම හා එහිදී ඔබ ලැබූ අත්දැකීම් විස්තර කරන්න. විශේෂයෙන්ම එම ස්ථානයේදී කළයුතු හා නොකළ යුතු දෑ පිළිබඳ සඳහන් කරන්න. එම ස්ථානය පිළිබඳ ඔබගේ අත්දැකීම් ශ්‍රේණිගත කරන්න. එනම් එම ස්ථානය පිළිබඳ ඔබ සෑහීමකට පත්වන ආකාරය තරු එකේ සිට පහ දක්වා ලබාදීමෙන් ඔබට ශ්‍රේණිගත කිරීම කළ හැක. එම ස්ථානය පිළිබඳ ඉතාමත් පැහැදීමට පත් වන්නේ නම් ඒ සඳහා තරු 5ක් ද ඒ පිළිබඳ මධ්‍යස්ථ අදහසක් දරන්නේ නම් තරු තුනක් ද යනාදී වශයෙන් ඔබට එම ස්ථානය ශ්‍රේණිගත කිරීම කළ හැක.
ඡායාරූප ගැනීම මගින්
ඔබගේ ඡායාරූප මිලියන ගණනක් පුද්ගලයන් ගූගල් මැප් හරහා නරඹනු ඇත. ඔබගේ හොඳම ඡායාරූප ලබා ගැනීම සඳහා ඔබ ගන්නා ඡායාරූප ස්වාභාවික ආලෝකය භාවිතාකර හොඳට නාභිගත වී ඇති සම්පූර්ණ වස්තුවේ හෝ ස්ථානයම ඇතුලත් වන ලෙස ඡායාරූප ලබා ගෙන ගූගල් මැප් වෙත ඇතුල් කරන්න.
ස්ථානයක් එකතු මගින්
ගූගල් මැප් හි මේ වන විට බොහෝ ස්ථාන ඇතුළත්ව තිබුණත් අලුතෙන් ආරම්භ කළ ව්‍යාපාර හෝ ගූගල් මැප් හි එකතු කර නොමැති ස්ථාන තවත් බොහොමයක් තිබිය හැක. එමනිසා ගූගල් මැප් හි නොමැති ස්ථානයක් එකතු කිරීම මගින් අනිත් පුද්ගලයන්ට එම ස්ථානය සොයා ගැනීමට පහසු කරන්න.
ස්ථානයක් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම මගින්
බොහෝ ව්‍යාපාර ස්ථානවල දුරකථන අංක හා ඊමේල් ලිපිනයන් වැනි දෑ වෙනස් විය හැක. එම නිසා යම්කිසි ස්ථානයක් පිළිබඳ ඇති ලිපිනය දුරකථන අංකය වැනි තොරතුරු යාවත්කාලීන කිරීම මගින් මිනිසුන්ගේ කාලය ඉතිරි කිර ගැනීමට සහ එම ව්‍යාපාර සඳහා උදව් කරන්න.
ප්‍රශ්න සඳහා පිළිතුරු දීම මගින්
ගූගල් මැප් හරහා ඔබ ගිය ස්ථාන පිලිබඳ ලබාදෙන සරල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම මගින් එම ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයක් එම ස්ථානයට පැමිණීමට බලාපොරොත්තු වන අයට ලබා දිය හැකි යි.
කරුණු පරීක්ෂා කිරීම මගින්
වෙනත් පුද්ගලයන් ඇතුල්කර තොරතුරු වල නිවැරදි තාව ගූගල් මැප් වල පළ කිරීමට ප්‍රථම තහවුරු කිරීම.
මේ ආකාරය ඉහත දක්වා ඇති ආකාර 6ට ගූගල් මැප් සඳහා ඔබට දායක විය හැක. එමගින් ඔබට මිලියන ගණනක් පුද්ගලයන්ට එම ස්ථාන පිළිබඳ තොරතුරු දැනගැනීම පහසු කල හැක.
මේ පිළිබඳ වැඩි තොරතුරු සඳහා https://maps.google.com/localguides/howto වෙබ් පිටුව වෙත පිවිසෙන්න.
@NalinK @UpulW @sithara_mahalekam @vijaih @Seedra
@AriMar @brittym Is it ok if I use images from https://maps.google.com/localguides/howto for this article, which is in Sinhala? by the way, I can not see the Sinhala language in the list of languages under the details section of the post editing window.
