Google Street View තුලින් කන්දෙකුඹුර අම්බලම
ශ්‍රී ලංකාවේ අම්බලම් ඉතිහාසය සලකන විට ඉතා දිගු ඉතිහාසයක් ආසන්න වශයෙන් වසර 300 ක පමණ ඉතිහාසයක් මෙරට අම්බලම් සම්බන්ධ ව ඇත. එසේම අම්බලම යන්න සංස්කෘත භාෂාවෙන් ශාලා, උත්තර ශාලා යනුවෙනුත්, මහාවංශයෙහි ආගන්තුක ශාලා යනුවෙනුත් දක්වනු ලබන “ලැගුම්හල” නැතිනම් ඉංග්‍රීසි භාෂාවේ travellors rest , way side inn හෝ way side shelters යනුවෙන් හදුනාගනු ලබන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ පැරණි සෙල්ලිපි අතරද මෙම අම්බලම් ගැන සදහන් වන අතර හිඳගල සෙල්ලිපියෙහි මෙය අම්බලමක් සදහා කරන ලද මුදල් පරිත්‍යාගයක් පිලිබදව දක්වා ඇත්තේ පහත පරිදිය.
-
pata_sala_abala_araka_tana_lada
-
laka_jaya_mahamathi_samana_gana
-
anaka_tana_yalaka_vidi:kanamadu:maja
-
getayaha:pana_calisi_piliyaka_ca_pana
-
sayaka_kahavana_:_ica_ma_teka_di_keri_boya_ge
මෙම සෙල්ලිපියකට අනුව “abala”(අබල) ලෙස දක්වා ඇත්තේ අම්බලම පිළිබදවය. අම්බලම යනු අතීතයේ රථ වාහන නොමැති කාල සමයේ මහජනයා වෙහෙස නිමා ගැනීම සදහා භාවිතා කරන ලද හා සාදා නිමවන ලද විවේක ස්ථානයක් වන අතර මෙරට අම්බලම් විශාල ප්‍රමාණයක් හදුනාගත හැකිය. ඒ අතර සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති #Embekka Ambalama, Embekka යනාදිය සුවිශේෂය. ප්‍රධාන වශයෙන් මහනුවර යුගයට නෑකම් කියන බහුතරයක් අම්බලම් අතර කන්දේකුඹුර අම්බලම (#kandekumbura ambalama)ද හදුනාගත හැකිය. මහනුවර සිට කුරුණෑගල මාර්ගයේ සැතපුම් 8 පමණ ගමන් ගන්නෙකුට කන්දෙකුඹුර අම්බලම දැකගත හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෝහිත දසනායක මහතා දක්වන ආකාරයට මෙම අම්බලම 1938 මාර්තු මස 01 වන දින ගල්පටිගෙදර කිරිපුන්චා නම් අයෙකු විසින් නිමවා ඇති අම්බලමකි. එසේ නම් මෙම අම්බලම නිමවා දැනට අවුරුදු 80 ක පමණ කාලයක් ගතවී ඇති අතර අද වන විට මෙම අම්බලම විනාශ වෙමින් පවතින වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත.
මෙම අම්බලම ආශ්‍රිත කුරුණෑගල - මහනුවර මාර්ගය 2015 වසරේ දෙසැම්බර් මාසයේ අවසන්වරට Google Street View වෙත ඇතුලත් කර ඇති අතර එම අවස්ථාවේදී මෙම අම්බලමේ ඉහල පවතින චිතකය දක්නට ලැබුනත් අද වනවිට එම චිතකය කඩා වැටි ඇති ආකාරය හදුනාහත හැකිය. එසේම එහි අභ්‍යන්තරයේ ඇති බොහොමයක් උළු කැඩී ගොස් ඇති අතර වටාපිටාව වල් වැදී ඇති ආකාරයද හදුනාගත හැකිය. 2015 වසරේ මෙම ස්ථානය ආසන්නයෙන් Google Street View කරණයක් සිදුකර නොතිබෙන්නට මෙම අම්බලම සදහා චිතකයක් තිබුනේද යන්න හෝ සොයාගැනීමට නොහැකි වීමට තිබුණි. ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක් පුරාවිද්‍යා උරුමයක් වශයෙන් හැදින්වීමට එම ස්ථානය වසර 100ක කාලයක් පැවතිය යුතුයැයි සදහන්ව ඇත. ඒ හේතුවෙන් මෙම ස්ථානය පුරාවිද්‍යා උරුම ස්ථානයක් වශයෙන් හදුන්වා දීමට නොහැකි නමුදු අද වන විට මෙරට උරුමයක් වශයෙන් වැළලී යාමේ තර්ජනයට ලක්ව ඇති ස්ථානයකි. මෙවැනි ස්ථාන රැක ගැනීම සියලු දෙනාගේම වගකීමක් නොවන්නේද?
ඡායාරුප
https://drive.google.com/open?id=103Xa6lHMd7VZf4SGhg6jTuV87WKo1mtU
https://drive.google.com/open?id=1zrK1gCvJrDfIHQixh3UWD_aMdxQgaI1A
https://drive.google.com/open?id=1NV_yc-IMQlRzYu3L2FK2jDArii6myNdk
මුලාශ්‍ර
දිසානායක, ආර්.(2000),අම්බලම හා සමාජය,ආරිය ප්‍රකාශකයෝ,කොළඹ 10.
Paranavitana,S.(1958),University of Ceylon Review,University of Ceylon,colombo